dcsimg
曇花的圖片
Life » » Archaeplastida » » 木蘭綱 » » 仙人掌科 »

曇花

Epiphyllum oxypetalum (DC.) Haw.

කඩුපුල් ( 僧伽羅語 )

由wikipedia emerging languages提供
 src=
කුඩා කඩුපුල් මල් පොහොට්ටු. 4cm පමණ දිගය.
 src=
නිශාගන්දී / කඩුපුල් / බ්‍රහ්මකමලම් හොඳින් පිපුණු පසු.

Epiphyllum oxypetalum යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන කඩුපුල් මල ඉංග්‍රීසි ව්‍යවහාරයේදී “ඕලන්ද මිනිසාගේ පයිප්පය” සහ “රාත්‍රියේ රැජින” යන අන්වර්ථ නාමයන්ගෙන් හඳුන්වනු ලබයි. කඩුපුල් මල පතොක් කුලයට අයත් ශාකයක් වන අතර වෙනත් රටවල බහුල වශයෙන් වගා කරනු ලබන මල් වර්ගයකි. රාත්‍රී පතොක් ශාකය ලෙස ඇතැම් විට හඳුන්වනු ලැබුවද මෙය පතොක් ශාකවල ලක්ෂණ බහුලව නොපෙන්වයි. කෙසේ නමුත් පතොක් කුලයට අයත් අනෙකුත් ශාක මෙන්ම මෙහිද මල් හට ගන්නේ රාත්‍රියට පමණි.

පද නිරුක්තිය

Oxypetalum(ලතින්) = උල් සහිත පෙති ඇති මල

ඉතිහාසය

 src=
මලෙහි ඉදිරිපස තොරතුරු සහිත දර්ශන

ශ්‍රී ලංකාවේ මෙය කඩුපුල් මල ලෙස හැඳින්වුවද ඉන්දියාවේදී බ්‍රහ්ම කමලම් ලෙස හැඳින්වේ. මහා බ්‍රහ්මයා විසින් මැවීමෙන් අනතුරුව එම නම ලබාදුන් බව පැවසේ. මෙම මල පිපෙන අවස්ථාවේදී දෙවියන්ගෙන් ඉල්ලා සිටින දේවල් ලැබෙන බව බැතිමතුන් විස්වාස කරයි.

මද්‍යම ඇමෙරිකාව මෙහි ජන්ම භුමියයි. මෙම මල් වර්ගය දුර්ලභ වන අතර එක රාත්‍රියකදී පිපී එම රාත්‍රිය අවසන් වීමත් සමග පරවී යයි.

වර්ෂ 1909 දී C.A. Purpus මහතා විසින් ඉතා කුඩා වෙනස්කම් සහිත කඩුපුල් විශේෂයක් මෙක්සිකෝවෙන් සොයාගත් අතර එහි පෙති තද රතු පැහැයෙන් යුක්ත වූ අතර මල එහි සුපුරුදු මිහිරි සුවඳ වෙනුවට අප්‍රසන්න ගන්දයකින්ද යුක්ත වූ බව පැවසේ. එය “Phyllocactus purpusii” ලෙස නාමකරණය කළ නමුත් උද්භිද විද්‍යාත්මක හඳුනාගැනීමක් නොලැබිණි.

චීන ජනවහරේදී කඩුපුල් මල විශේෂ පුද්ගලයන් හැඳින්වීම සඳහා යොදාගනී. එනම්, සිත් ගන්නා සුළු නමුත් ඉතා සුළු කාලයක් කීර්තිමත්ව සිටින පුද්ගලයන් හැඳින්වීම සඳහා කඩුපුල් මලේ නම යොදාගනී. ඒ කඩුපුල් මලද පිපීම සඳහා විශාල කාලයක් ගන්නා නමුත් එක රැයෙන් පරවී යන නිසාය. කඩුපුල් මලට ජපන් වැසියන්ගෙන්ද හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. ඔවුන් කඩුපුල් මල “සඳ කුමරිය” ලෙස හඳුන්වයි.

මෙම කඩුපුල් ශාකය​ යුරෝපීයයන් ඇමෙරි කාව සොයා ගැනීමෙන් පසු ලෝකයේ ප්‍රචලිතව ගිය එකක් බැවින් අපේ සාහිත්‍යයේ හා බෞද්ධ සූත්‍ර වල සඳහන් වන කඩුපුල් වෙනයම් එකක්විය යුතුය​. කොසොල් රජ තුමා හා බුදුන් වහන් සේ අතර ඇතිවූ සංවාදයක සඳහන් වන්නේ කඩුපුල් ඇත්තේ නාග ලෝකයේ බවයි.

මූලාරම්භය සහ ජනාවාස

කඩුපුල් ශාකය මෙක්සිකෝවේ සිට වෙනිසියුලාව දක්වා පැතිර පවතී. එමෙන්ම බ්‍රසීලයේද දැකිය හැක. ඇමරිකාවේ ටෙක්සාස් සහ කැලිෆෝනියා වැනි උණුසුම් දේශගුණයක් පවතින ප්‍රදේශ වල කඩුපුල් ශාකය වගා කරනු ලබයි. කෙසේනමුත් කඩුපුල් ශාකයේ ජන්ම භූමිය දකුණු මැක්සිකෝ බව පිළිගැනේ.

 src=
මලෙහි පැති දර්ශනයක්

වගාකිරීම

කඩුපුල් යනු පහසුවෙන් වගා කළ හැකි ශාකයකි. වසන්ත කාලයේ අග බාගයේදී සහ ග්‍රීෂ්ම සෘතුවේ මුල් බාගයේදී වැඩි වශයෙන් මල් හට ගනී. විශාල ශාක වල මල් කිහිපයක් හටගනී. අපිපත්‍ර කුලයේ ශාක වල වැඩියෙන්ම වගා කළ හැකි ශාකය මෙයයි.

වෙනත් යොමු කිරීම්

අතිරේක යොමු කිරීම්

වෙනත් කියවීම් සඳහා Epiphyllum oxypetalum Wikimedia Commons

許可
cc-by-sa-3.0
版權
විකිපීඩියා කතුවරුන් සහ කතුවරුන්
原始內容
參訪來源
合作夥伴網站
wikipedia emerging languages