dcsimg
Plancia ëd Prionailurus rubiginosus rubiginosus (I. Geoffroy Saint-Hilaire 1831)
Life » » Metazoa » » Vertebrata » » Synapsida » » Cynodontia » Mamìfer » » Carnivora » » Felidae »

Prionailurus rubiginosus (I. Geoffroy Saint-Hilaire 1831)

කොළ දිවියා ( Singalèis )

fornì da wikipedia emerging languages

කොළ දිවියා හෝ බළල් දිවියා (ඉංග්‍රීසි: rusty-spotted cat) (Prionailurus rubiginosus) යනු බළල් පවුලේ කුඩාතම සාමාජිකයෙකු වන අතර ඉතිහාසගත ව වාර්තා වී ඇත්තේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යන රටවලින් පමණි.[3] 2012 මෙම දිවියා නේපාලයෙන් ද හමුවිය.[4] 2016 පටන් භූගෝලීය වන ගහණය IUCN රතු ලැයිස්තුවේ ආසන්න ලෙස තර්ජනයට ලක් වූ ලෙස සටහන් ව ඇත. මීට ප්‍රධාන හේතුවක් ලෙස මොවුන්ගේ වාසභූමි වන පත්‍ර පතනය වන වනලැහැප් විනාශ වී යාම දැක්විය හැක[2]

ලක්ෂණ

 src=
Illustration of skull, in Pocock's The Fauna of British India, including Ceylon and Burma

කොළ දිවියා ඉතා කුලෑටි සතෙකු වේ. එසේම මොහු වාසස්ථාන වලට අනුවර්තනය විය හැකි සතෙකු ලෙස (Habitat Generalist) හදුන්වයි. ප්‍රමාණයෙන් ගෘහාශ්‍රිත කුඩා බළලෙකුට සමාන ය. කලාතුරකින් දක්නට ලැබෙන සතෙකි. නිශාචර දඩයක් කරුවෙකි. කෘමීන්,කුඩා කුරුල්ලන්,මීයන්,ගෙම්බන්,කුඩා උරගයින්,ගෘහ ආශ්‍රිතව ඇති කරන කුකුළන් ආහාරයට ගනී.

ප්‍රජනනය අවුරැද්දට එක් පාරක් සිදු වේ.1-3 දක්වා පැටවුන් ප්‍රමාණයක් දින 65ක ගර්භනි කාලයකින් පසු ප්‍රසූත කරයි. වැඩුණු සතුන්ගේ ඇති ලප කුඩා පැවෙුන්ගේ නැත. කලු ඉංගිරියාව ලා නිල් පාට ය. වර්ධනය ගෘහාශ්‍රිත බළලෙතුට සමාන ය. නිශාචර සතෙකි. ගස් මතත් පදුරු සහිත වන ලැහැප් වලත් දැක ගත හැකි ය. පැටවුන්ගේ ලොම් ලා පැහැති ය. මොවුන්ගේ හමේ මලකඩ රතු පාට පැල්ලම් ඇත. එමනිසා මොවුන්ට Rusty spotted යන නම සෑදී ඇත. එම රතු පැහැති ලප හිස මත හා කොන්දේ දාර සේ පිහිටයි. උදරය යට සුදු පාට ය. සාමාන්‍ය දිග අඟල් 18 ක් පමණ ය. වලිගය මොවුන්ගේ ශරිරයේ දිගින් භාගයක් පමණක් වේ.

පැතිරීම හා වාසස්ථාන

 src=
ද.ඉන්දියාවේ අානෛමලෛ පෙදෙසේ දී සේයාරුවට හසු වූ බළල් දිවියෙක්

මේ සත්ත්වයා නිවර්තන තෙත් වනාන්තර,සිංහරාජය වැනි වැසි වනාන්තර,හොර්ටන් තැන්න,නුවර ඵළිය වැනි ප්‍රදේශ වල පිහිටි කදුකර තෙත් වනාන්තර වල මෙන්ම වියළි හා අතරමැදි කලාපයේ කැළෑ හා ශුෂ්ක ප්‍රදේශ වල කටු පඳුරු සහිත ලඳු කැලෑ ආශ්‍රිතවද දැකිය හැකිය.රට පුරා පැතිරී ඇත.කදුකර පළාත් වල ඉඳලා වෙරළබඩ දක්වාත් තෙත් හා වියළි කලාප වලත් වනාන්තර වලත් දක්නට ඇත.[5] ඝන වනවැස්මක් සහිත හෝ ගල් සහිත ස්ථානවලට ප්‍රිය කරයි.[6][7]

උපවිශේෂ ව්‍යාප්තිය

උපවිශේෂ දෙකක් හඳුනාගෙන ඇත:

  • Prionailurus rubiginosus rubiginosus — ඉන්දියාවේ ජීවත් වේ
  • Prionailurus rubiginosus phillipsi — ශ්‍රී ලංකාවේ ජීවත් වේ

රඳවාගෙන සිටීම

 src=
බර්ලින් සත්වෝද්‍යානයේ කොළ දිවියා, 2008.

මූලාශ්‍ර

  1. Wozencraft, W. Christopher (16 November 2005). "Order Carnivora (pp. 532-628)". මෙම කෘතිය තුල: Wilson, Don E., and Reeder, DeeAnn M., eds. Mammal Species of the World: A Taxonomic and Geographic Reference (3rd සංස්.). Baltimore: Johns Hopkins University Press, 2 vols. (2142 pp.). පිටු. 543–544. ISBN 978-0-8018-8221-0. OCLC 62265494. http://www.bucknell.edu/msw3/browse.asp?id=14000195.
  2. 2.0 2.1 "Prionailurus rubiginosus". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2016.2. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. 2016.
  3. Pocock, R. I. (1939). "Prionailurus rubiginosus Geoffroy. The Rusty-spotted Cat". The Fauna of British India, including Ceylon and Burma. Mammalia. – Volume 1. London: Taylor and Francis Ltd.. පිටු 276–280. https://archive.org/stream/PocockMammalia1/pocock1#page/n351/mode/2up.
  4. Appel, A. (2016). "The first records of Rusty-spotted Cat in Nepal" (PDF). Small Wild Cat Conservation News (2): 8–10.
  5. Nowell, K., Jackson, P. (1996). "Rusty-spotted Cat Prionailurus rubiginosus". Wild Cats: status survey and conservation action plan. IUCN/SSC Cat Specialist Group, Gland, Switzerland. http://www.catsg.org/catsgportal/cat-website/catfolk/rubig01.htm. CS1 maint: Multiple names: authors list (link)
  6. Kittle, A., Watson, A. (2004). Rusty-spotted cat in Sri Lanka: observations of an arid zone population. Cat News 40: 17–19.
  7. Patel, K. (2006). "Observations of rusty-spotted cat in eastern Gujarat". Cat News. 45: 27–28.

පිටස්තර යොමු

licensa
cc-by-sa-3.0
drit d'autor
විකිපීඩියා කතුවරුන් සහ කතුවරුන්

කොළ දිවියා: Brief Summary ( Singalèis )

fornì da wikipedia emerging languages

කොළ දිවියා හෝ බළල් දිවියා (ඉංග්‍රීසි: rusty-spotted cat) (Prionailurus rubiginosus) යනු බළල් පවුලේ කුඩාතම සාමාජිකයෙකු වන අතර ඉතිහාසගත ව වාර්තා වී ඇත්තේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යන රටවලින් පමණි. 2012 මෙම දිවියා නේපාලයෙන් ද හමුවිය. 2016 පටන් භූගෝලීය වන ගහණය IUCN රතු ලැයිස්තුවේ ආසන්න ලෙස තර්ජනයට ලක් වූ ලෙස සටහන් ව ඇත. මීට ප්‍රධාන හේතුවක් ලෙස මොවුන්ගේ වාසභූමි වන පත්‍ර පතනය වන වනලැහැප් විනාශ වී යාම දැක්විය හැක

licensa
cc-by-sa-3.0
drit d'autor
විකිපීඩියා කතුවරුන් සහ කතුවරුන්