dcsimg

ශ්‍රී ලංකා නිලන-මැසිමාරා ( cinghalais )

fourni par wikipedia emerging languages

ශ්‍රී ලංකා නිලන-මැසිමාරා (Eumyias sordida) යනුවෙන් හැඳින්වෙන්නේ මැසිමාරා හෙවත් Muscicapidae කුලයට අයත් කුඩා රිටිලගු පක්ෂියෙකි.

මෙම විශේෂය ශ්‍රී ලංකාවේ මධ්‍ය කඳුකරය‍ට ආවේණික නේවාසික අභිජනන පක්ෂියෙකි.

නිලන-මැසිමාරාගේ ව්‍යාප්තිය 600mට වඩා උසින් වැඩි පතනශීලී කඳුකර වනාන්තරවල සිදුවේ. එසේවුව ද 900mට අඩු වනාන්තරවල සුලබ නැත. මොවුන් ප්‍රධාන ප්‍රජනන සමය මාර්තු සහ අප්‍රේල් සමය වේ. නමුත් වර්ෂයේ පසුකාලීනව දෙවන ප්‍රජනන සමයක් ද ඇත.

පාසි ආදිය හොඳින් ගොනුකර කෝප්පාකාර කැදැල්ලක් තනාගනියි. මෙම ස්ථානය බොහෝවිට හොඳින් සෙවණ සහිත ගල් ගැටිත්තක් වැනි ස්ථානයක පිහිටයි. සාමාන්‍යයෙන් දුඹුරු තිත් සහිත රෝස පැහැ බිත්තර දෙකක් හෝ තුනක් දමයි.

 src=
නිලන මැසිමාරා (පහළ) සමග ළයබොර මැසිමාරා සහ කළු ගෙලැසි රදමාරා නිරූපිත සිතුවමක්

මෙම විශේෂය 15 cm පමණ දිගැති ය. හැඩයෙන් තිත් මැසිමාරාට සමාන අතර ගීයක් වැනි මිහිරි උස් නාදයක් නිකුත් කරයි. පරිණත පක්ෂීන් අළු පැහැයට හුරු නිල් පැහැයක් ගන්නා අතර, උදරය සුදු පැහැයට හුරු ය. පුළුල් කළු හොටය සහ ඇස අතර කළු ලපයක් දක්නට ලැබේ. මෙයට ඉහළින් සහ පහළින් දීප්තිමත් නිල් පැහැයක් දැකගත හැක. ගැහැනු සහ පිරිමි සතුන් පෙනුමින් සමාන නමුත්, ගැහැනු සතුන් මඳක් අඳුරු පැහැති ය.

අපරිණත නිලන-මැසිමාරාවන් දුඹුරු පැහැති අතර, හිසෙහි, පිටිකයෙහි අතිශයින් තිත් සහිත ස්වභාවයකින් යුක්ත ය. ඔවුන්ගේ ලයලා පඬු පැහැති ය. ඔවුන්ගේ පියාසර පිහාටු පුළුල් ලෙස නිල්-අළු පැහැයෙන් මායිම් වී ඇත.

වනාන්තර වාසස්ථානයක ජීවත් වුව ද, දැකගැනීමට සාපේක්ෂව පහසු පක්ෂියෙකි. ප්‍රධාන වශයෙන් පියාඹන කෘමීන්, කුරුමිණියන්, දළඹුවන් සහ අනෙකුත් කෘමීන් මත යපේ. නමුත් ගෙඩි වර්ග ද ආහාරයට ගනියි.

සංස්කෘතිය

මෙම පක්ෂියාගේ රුව ශ්‍රී ලංකා රුපියල් 50 බැංකු නෝට්ටුවේ (2010 මාලාව) දක්නට ලැබේ.[2] ඉංග්‍රීසි බසින් Dull-blue flycatcher නම්වන මෙම පක්ෂියා ශ්‍රී ලංකා අඳුරු නිල් මැසිමාරා යනුවෙන් ද හැඳින්වේ.

ආශ්‍රේයයන්

සැකිල්ල:Muscicapidae-stub

licence
cc-by-sa-3.0
droit d’auteur
විකිපීඩියා කතුවරුන් සහ කතුවරුන්

ශ්‍රී ලංකා නිලන-මැසිමාරා: Brief Summary ( cinghalais )

fourni par wikipedia emerging languages

ශ්‍රී ලංකා නිලන-මැසිමාරා (Eumyias sordida) යනුවෙන් හැඳින්වෙන්නේ මැසිමාරා හෙවත් Muscicapidae කුලයට අයත් කුඩා රිටිලගු පක්ෂියෙකි.

මෙම විශේෂය ශ්‍රී ලංකාවේ මධ්‍ය කඳුකරය‍ට ආවේණික නේවාසික අභිජනන පක්ෂියෙකි.

නිලන-මැසිමාරාගේ ව්‍යාප්තිය 600mට වඩා උසින් වැඩි පතනශීලී කඳුකර වනාන්තරවල සිදුවේ. එසේවුව ද 900mට අඩු වනාන්තරවල සුලබ නැත. මොවුන් ප්‍රධාන ප්‍රජනන සමය මාර්තු සහ අප්‍රේල් සමය වේ. නමුත් වර්ෂයේ පසුකාලීනව දෙවන ප්‍රජනන සමයක් ද ඇත.

පාසි ආදිය හොඳින් ගොනුකර කෝප්පාකාර කැදැල්ලක් තනාගනියි. මෙම ස්ථානය බොහෝවිට හොඳින් සෙවණ සහිත ගල් ගැටිත්තක් වැනි ස්ථානයක පිහිටයි. සාමාන්‍යයෙන් දුඹුරු තිත් සහිත රෝස පැහැ බිත්තර දෙකක් හෝ තුනක් දමයි.

 src= නිලන මැසිමාරා (පහළ) සමග ළයබොර මැසිමාරා සහ කළු ගෙලැසි රදමාරා නිරූපිත සිතුවමක්